දැදුරුඔයේ ගිලී අතුරුදන්ව සිටි 06 දෙනාගෙන් 04 දෙනෙක්ගේ සිරුරු හමුවෙයි

කොබෙයිගනේ පොලිස් වසමේ දැදුරුඔය, කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටි පිරිසක් ඊයේ (16) දින සවස දියේ ගිලී අතුරුදන් වී තිබුණා.

මෙහිදී පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් හා පාසල් දරුවන් තිදෙනෙක් දියේ ගිලී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් හා කාන්තාවක් බේරාගෙන නිකවැරටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (16) දිනයේදීම එක් කාන්තාවකගේ සහ එක් පිරිමි පුද්ගලයෙකුගේ මෘත ශරීර සොයාගෙන තිබූ අතර තවත් පාසල් ළමුන් තිදෙනෙක් ඇතුළු තවත් 06 දෙනෙක් අතුරුදන්ව සිටියා.

මේ සම්බන්ධයෙන් අප අද (17) උදෑසන කොබෙයිගනේ පොලිසියෙන් සිදු කළ විමසීමදී ඔවුන් සඳහන් කළේ මේ වන විට අතුරුදන්ව සිටි 06 දෙනාගෙන් තවත් සිවුදෙනෙකුගේ සිරුරු හමු වූ බවත් තවත් දෙදෙනෙක් අතුරුදන්ව සිටින බවයි.

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි ඥාති පිරිසක් සමඟ කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටියදී මොවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා කොබෙයිගනේ පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගේ හා නාවික හමුදා කිමිදුම් නිලධාරින්ගේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් තව දුරටත් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43