spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දහසක් සිම් අතර ඔබට වාසි ගෙනෙන අපූරු වැඩක්

ජංගම දුරකථනය කියන්නේ අපි කාටත් මේ වෙනකොට අනිවාර්යය අංගයක් බවට පත් වෙලා.

හැබැයි දැනට දශක එක හමාරකට දෙකකට උඩදිනම් ජංගම දුරකථනයක් කියන්නේ එහෙමත් කෙනෙක්ට තිබුණ වටිනා Luxury උපකරණයක්.

මේ විදියට ජංගම දුරකථන ගැන කතා කරනකොට ඒ හා සමානම වැදගත් දෙයක් තමයි සිම්පත.

මේ ගැන අපි අනිවාරයෙන් සැළකිලිමත් වෙනවා.

ඉස්සරනම් එන ඇමතුම්වලටත් ඒ කියන්නේ Incoming call වලටත් අය කළා.

ඒ කාලේ අපි හිතල බැලුවේ Incoming, Outgoing calls වලට කීයක් කැපෙනවද? කෙටි පණිවිඩයක් එහෙමත් නැතිනම් අපි කියන SMS එකකට කීයක් යනවද වගේ දේවල්.

හැබැයි ලංකාවේ එක කාලයක් ආවා.

පාරේ යන යන තැන කොල්ලො කෙල්ලො සිම් විකුණනවා.

විකුණනවටත් වඩා සිම් නිකන් දෙන්න ගත්තා.

මහාලොකු වටිනාකමක් තිබුණ සිම්, ගෙවල්වල ඕනි තරම් හොයාගන්න පුලුවන් තත්ත්වයකට පත් වුණා.

මේ අහක දාන පුංචි සිම් එකක් වෙනුවෙන් වැය වෙන මුදල් ගැන කවුරුත් හිතලා බලන්නේ නෑ.

නිකන් දෙන සිම් එකේ කෙටි කාලීන වාසි ගැන හිතල දීර්ඝකාලීන වාසි තියෙන සිම් සමහර වෙලාවට ඔබත් ඉවත්ලන්න ඇති.

පාවිච්චි නොකරන සිම් ගැන කතා කරනකොට මට දකින්න ලබුණා, භාවිත නොකරන සිම් නැවතත් භාවිතා කරන්න උනන්දු කරන අපූරු වැඩසටහනක් දියත් කරල තියනවා.

මේ අපූරු වැඩසටහන දියත් කරල තියෙන්නේ SLT MOBITEL ආයතනය.

හදිස්සියේ වැඩකට මිලදී අරගෙන දැනට භාවිතා නොකරන,එහෙමත් නැතිනම් හානි වෙලා,මෙකී නොකී මොන හේතුවක් නිසා හරි ඔබ ළඟ භාවිත නොකරන SLT MOBITEL සිම්පතක් තියනවනම් අපූරු වාසි රැසක් එක්ක නැවතත් එය භාවිතයට ගන්න පුලුවන් විදියටයි මේ වැඩසටහන දියත් කරල තියෙන්නේ.

මේ විදියට තමන්ගෙ SLT MOBITEL සිම් එක Reactivate කරන පාරිභෝගික ඔබට මාස තුනක් පුරාවට ම සියලුම ජාලවලට නොමිලේම කතා කරන්න Unlimited කතා කාලයක් වගේම, අන්තරජාලයේ රිසි ලෙස සැරිසරන්න Anytime ඩේටා 30 GB හිමි වෙනවා.

ඔබ ළඟත් භාවිතා නොකරන SLT MOBITEL සිම් පතක් තියනවනම් මේ වාසි සියල්ල ලබාගන්න ඔබටත් පුලුවන්.

ඔබට කරන්න තියෙන්නේ ඕනෑම ජාලයකින් 1717 අංකයෙන් SLT MOBITEL පාරිභෝගික සේවා නිලධාරියෙක් ඇමතීමෙන් මෙම සේවාව නොමිලේම Activate කරගන්න.

එහෙමත් නැතිනම් SLT MOBITEL පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ගිහිනුත් මේ වැඩේ ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන්.

ඔබ ළඟ තියෙන පෙරගෙවුම් වගේම පසුගෙවුම් සිම්පත් සඳහා ද මෙම කාරණාව වලංගුයි.

නානාප්‍රකාර සිම් වර්ග අතර මේ තරම් වාසි තියෙන SLT MOBITEL සිම් එකක් පැත්තකට දාල තියන්නෙ මොකටද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?