දහසක් බලාපොරොත්තු සමගින් ධාවන පිටියට පිවිසුණු යුපුන්ට හිමි වූ තැන මෙන්න

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්ගේ ධාවන ඉසව්ව අද පැවැත්වුනා.

ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වයි.

මෙය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තුන්වන තරගයක් වූ අතර මෙහිදී යුපුන් අබේකෝන් තප්පර 10.32කින් තරඟය නිම කර 6වන ස්ථානය ලබාගත්තා.
මීට පෙර යුපුන් තත්ත්පර 10 යි දශම 1 යි 5 ක දක්ෂතාවක් වාර්තා කර තිබුණා
.මෙම තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ ඉතාලි ක්‍රීඩක ජේකොබ් මාර්ෂල්.

ඔහු තත්ත්පර 9 යි දශම 9 යි 4 කින් තරගය නිම කළා.

කෙසේ වෙතත් දකුණු ආසියාවම නියෝජනය කරමින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන්ට ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව නැතිව ගියා.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 26 හැවිරිදි යුපුන් අබේකෝන් ඉතාලියේ රෝම නගරයේ පදිංචිව සිටින අතර, ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබූයේ එහි සිටින අතරතුරයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට මෙතෙක් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙකුත් සිය ඉසව්වල ඉදිරි වටයන් සඳහා සුදුසුකම් ලැබීමට සමත් වූයේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55
Video thumbnail
වටේටම මත්ද්‍රව්‍ය බෙදුව කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:37
Video thumbnail
2029 ජනපති කියලා සිහින දකින්න පුළුවන්..සැබෑ කරන්න බෑ - හැමදාම ඔයාලා ඔය නින්දෙම ඉන්න
03:48
Video thumbnail
කන්ජිපානි ගැන පොලිස්පති කිව්ව දේ.."ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතුයි"
02:30
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43