දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සභාපති නාමාවලිය ප්‍රකාශ කෙරේ

දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා තෝරාපත් කරගත් සභාපතිවරුන්ගේ නාමාවලිය කතානායක අසෝක රන්වල අද (02) පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා.

ඒ අනුව ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ඉම්රාන් මහරූෆ්, රෝහිණි කුමාරි විජේරත්න, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය) සේන නානායක්කාර, චානක මාදුගොඩ, සංජීව රණසිංහ, අරවින්ද සෙනරත් සහ කිට්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස තෝරාපත් කරගෙන තිබෙනවා.