දසත මාධ්‍යවේදී ධනුෂ්කට පහර දුන් නරුමයෝ පොලිසියට භාරවෙති

දසත – සුප්‍රීම් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න මහතාට පහරදීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (21) රාත්‍රියේ දී ම පෑලියගොඩ පොලිසියට පැමිණ භාර වූ බවත්; සෙසු සැකකරු අද උදෑසන පොලිසියට භාර වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට (22) එම සැකකරුවන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් වාර්තා වනවා.

මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න මහතාට මිලේච්ඡ ලෙස පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශනය ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යොදවා තිබුණා.

මෙම පහරදීමෙන් ධනුෂ්ක සෙනවිරත්න මහතාගේ හිසට බරපතළ තුවාල සිදු වී තිබෙනවා.

මාධ්‍යවේදී ධනුෂ්ක සෙනවිරත්න මහතා මෙම පහර කෑමට ලක් වූයේ ඊයේ (21) අලුයම කාලයේ දී කැලණියේ ඔහු නවාතැන් ගෙන සිටින නවාතැන් පොළේදීයි.

කිසියම් පිරිසක් අලුයම 3ට පමණ මාධ්‍යවේදියා නැවතී සිටි කාමරයේ දොරට තට්ටු කර තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදී ධනුෂ්ක සෙනවිරත්න දොර විවෘත කිරීමට පෙර එලෙස තට්ටු කරන්නේ කවුරුන් දැයි විමසා තිබෙනවා.

ඒ අවස්ථාවේදී පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ තමන් පොලිස් නිලධාරීන් බවයි.

ඉන් පසු අප සහෝදර මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න නවාතැන්පොළේ දොර විවෘත කර ඇති අතර කාමරයට ඇතුළු වූ දෙදෙනෙකුගෙන් යුත් මැර පිරිසෙන් එක් අයෙකු ඔහුගෙන් නවාතැන්පොළේ රැඳී සිටින තවත් අයෙක් පිළිබඳ විමසා තිබෙනවා.

එම පුද්ගලයා නවාතැන්පොළේ නොමැති බව පැවසූ අවස්ථාවේ එම පිරිස ධනුෂ්කට තර්ජනය කර ඇත්තේ අදාළ පුද්ගලයා සිටින ස්ථානය දැනුම්දෙන ලෙසයි.

ඒ බව තමන් නොදන්නා බව පැවසූ විට අධික ලෙස බීමතින් සිටි එම මැර පිරිස කුපිත වී තමන්ට පහර දුන් බවයි ධනුෂ්ක සෙනෙවිරත්න පැවසුවේ.

මෙහිදී මැර පිරිස කාමරයේ තිබූ පුටුවකින් කළ පහරදීම් හේතුවෙන් ධනුෂ්කගේ හිසට බරපතළ තුවාල සිදු වී තිබෙනවා.

එමෙන්ම ප්‍රහාරය වළක්වා ගැනීමට උත්සාහ කිරීමේ දී ඔහුගේ දෙඅත්වලට ද තුවාල සිදු ව තිබෙන අයුරු දැකිය හැකියි.

කෙසේ වෙතත් ලද අවසරයකින් කාමරයෙන් පිටත පැමිණි ධනුෂ්ක උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර එහිදී නවාතැන්පොළේ හිමිකරු ඇතුළු පිරිසක් එහි පැමිණීමත් සමග මැර පිරිස මෝටර් රථයකින් පලා ගොස් තිබුණා.

පලා යන අවස්ථාවේ සැකකරුවන් නවාතැන්පොළේ හිමිකරු ද අනතුරට ලක් කිරීමට උත්සාහ කර තිබෙනවා.

පහර කැමට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වන විටත් ජාතික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබනවා.

පහරදීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ කරගෙන ඇති අතර ඔවුන් මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සේවය කරන පිරිසක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලිගොඩ පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි කැඳවුම්කරු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කර වගකිව යුත්ත්න් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි.

යුක්තිය මෙහෙයුම වැනි ක්‍රියාකාරකම්වලින් සිය කීර්ති නාමය ඉහළ නංවා ගැනීමට පොලිසිය උත්සාහ ගන්නා අතරතුර මැර කණ්ඩායම් තමන් පොලිසිය යනුවෙන් පවසමින් මාධ්‍යවේදීන්ට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම සරදම් සහගත බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Screenshot 2024 06 22 113118


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18