දසත අනාවරණයට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතිචාර දක්වයි

අවුරුදු තුනක දැරියකගේ හදවත් සැත්කමක් සඳහා උපකාර ඉල්ලමින් ”දසත ලංකා නිව්ස්” වෙබ් අඩවිය පළකරන ලද ප්‍රවෘත්තියට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිළ වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙම පුවත අනාවරණය වූ විගස ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකළ බවයි.

දියණියගේ මව්පියන් විසින් අදාළ සැත්කම සදහා ජනාධිපති අරමුදල වෙත සිය ඉල්ලීම් ලිපිය පෙබරවාරි මාස 16 වන දින ඉදිරිපත් කර ඇති බව සදහන්.

එම ලිපියට අනුව අවශ්‍ය වාර්තා ඔවුන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට ජනාධිපති අරමුදල මේ වනවිට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.
.
මේ වන විට දරුවා පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ද ජනාධිපති අරමුදල වෙත ලැබී ඇති අතර, රෝගියාට රෝහල්ගත වීමට දිනයක් ලබාගෙන එය ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අනුමත වූ මුදල සඳහා වගකීම් ලිපියක් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද එම ඒකකය පැවසුවා.

තවද අදාළ දියණියගේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ද ලබාදීමට නියමිතයි.

මේ වනවිට නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් අදාළ පවුල වෙත වෛද්‍ය ආධාර ලෙස රුපියල් විසිදහසක දීමනාවක්, රුපියල් පන්දහසක සමෘද්ධි දීමනාවක්, ඉන්දීය සහනාධාර ලෙස ලැබුණු සහල් කිලෝ දහයක්, කිරිපිටි, ළමුන්ගේ වෛද්‍ය ආධාර ලෙස රුපියල් දහසක මුදලක් ලබාදීමට පියවර ගත් බවටද දිස්ත්‍රික් ලේකම් තහවුරු කල බව ජනාධිපති මාධ්‍ය වෙබ් අඩවිය සදහන් කරනවා.

Screenshot 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54