දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අද උසාවියට (වීඩියෝ)

අත්බෝම්බයක් ද සමඟ තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද (06) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සැකකරු අද (06) හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.

හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (05) රාත්‍රියේ තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී බිරිඳ නිවසින් පළාගොස් ඇති අතර, එහිදී සැමියා විසින් තම අවුරුදු 10ක දැරිය සහ වයස අවුරුදු 02ක පිරිමි දරුවාව නිවස තුළ ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳව ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ හංවැල්ල පොලිසිය පැයක පමණ මෙහයුමකින් පසු ප්‍රාණ ඇපයේ සිටි දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදාගැනීම සමත්ව තිබෙනවා.

එහිදී සැකකාර පියා අත්බෝම්බය ද සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

දෙදෙනා අතර පැවති පවුල් ආරවුලක් මත සැකකරු විසින් මෙලෙස සිය බිරිඳ ඝාතනය කිරීමට උත්සාහකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රාණ ඇපයෙන් මුදාගත් දරුවන් දෙදෙනා ප්‍රථිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?