දරු දෙදෙනා නාවන්න ගිය පියාට එක් දරුවෙකු අහිමි වෙයි

සෙවනගල පොලිස් වසමේ වලවේ ගඟේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී ඊයේ (09) දහවල් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි වියේ පසු වූ දරුවෙක් බවයි වාර්තා වන්නේ.

පියෙක් සිය දරුවන් දෙදෙනා සමග ඊයේ (09) දහවල් වලවේ ගගේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී මෙම දරුවා දියේ ගිලී අනතුරට පත්වීමෙන් පසු සෙවනගල, දංඩුම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දරුවා රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

මොවුන් තිදෙනා හබරත්තාවල ප්‍රදේශයෙන් ගලා බසිනා වලවේ ගඟේ තොටුපොළේ දිය නාමින් සිටිය දී පියා විසින් සිය බාල දරුවා නහවා ගොඩින් තබා ඇති අතර, අනතුරුව 12 හැවිරිදි වැඩිමල් දරුවා නහවා තිබෙනවා.

එම දරුවා නාවමින් සිටින අතර තුර පියාට දරුවාගේ අත අතහැරී දරුවා දියේ ගසාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය දරුවාගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ඇඹිලිපිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57