spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවා උඩුමහලෙන් බිමට දැමූ මාමාට වැඩ වරදී

අද උදෑසන ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙක් ව තම නිවසේ නිදාගෙන සිටියදී ඔහුගේ මාමා විසින් තෙවැනි මහලේ සිට පහලට විසි කිරීම නිසා මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් යූසුෆ් නම් වයස 1/12 දැරුවෙකුයි. තල්ලු කර පුද්ගලයා මොහොමඩ් ඉම්‍රාන් නමැති වයස 36ක් වන පුද්ගලයෙකු වන අතර , දරුවාගේ මව ෆාතිමා සුමෙයඩස් නම් වයස 30ක් වූ කාන්තාවකි.

ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහලට දරුවා ඇතුලත්කල පසු වෛද්‍යවරුන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය දරුවා බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් හිසට සුදුවී තිබූ දැඩි හානි හේතුවෙන් දරුවා රෝහලේදී මියගිය බව රිජ්වේ ආර්‍යා ලමා රෝහලේ අධ්‍යක්ෂක ජී විජේසූරිය මහතා පවසයි.

පොලිසිය මගින් 36 හැවරදි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණය මගින් සැකකරු ලබන දෙසැම්බර් 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?