දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අගමැතිනිය කියයි

ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බැලිය හැකි දක්ෂ දරු පිරිසක් අප සතුව සිටින බවත්, ඔවුන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ ඊයේ (04) පැවති ‘අරුමැසිය’ ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,

“අපේ රටේ පළමු අගමැතිනිය අධ්‍යාපනය ලැබූ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන මේ සුවිශේෂී උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.
මම මේ විද්‍යාලයේ දූ දරුවන්ගේ අපූර්ව නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ප්‍රදර්ශනය නැරඹුවා. එහිදී මා දැක්කා හුදෙක් පෙළපොතට පමණක් සීමා නොවී, ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටිනවා කියලා.
කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික සහ කුසලතා පූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටිනවා. මේ යටතේ, එළඹෙන 2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අප අවසන් කරමින් පවතිනවා.
පාසලෙන් ලෝකයට යන සෑම දරුවෙකුටම තමන් සතු සහජ දක්ෂතාවලට ගැළපෙන, වෘත්තීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය සහ තාක්ෂණික පුහුණුවක් ලබාදීම අපේ අනිවාර්ය ඉලක්කයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම, වෘත්තීය අධ්‍යාපනයත් එක හා සමාන ගෞරවයක් සහ වටිනාකමක් සහිත ක්ෂේත්‍රයක් බවට අප පරිවර්තනය කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39