දරුවන් දෙදෙනාට වස දී මවක් ගෙල වැළලාගනී

ආරවුලකින් පසු දරුවන් දෙදෙනාට වස දී, ගෙල වැළලාගෙන සියදිවි හානිකරගත් කාන්තාවක් පිළිබද පුවතක් ඉන්දීය මාධ්‍ය අද (07) වාර්තා කළා.

අදාළ කාන්තාව අද (07) උදෑසන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මව විසින් ලබාදුන් වස පානය කිරීම හේතුවෙන් 06 හැවිරිදි පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 10 හැවිරිදි දියණිය බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතව මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෆතේපූර් ප්‍රදේශයේ කාන්තාවක් අද උදෑසන සිය නැන්දම්මා සමඟ ඇති කරගත් ආරවුලකින් පසු මෙම දරුණු තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව අද උදෑසන දරුවන් දෙදෙනාට බැණ වදින අවස්ථාවේ ඊට නැන්දම්මා මැදිහත්වීමත් සමඟ දෙදෙනා අතර මෙම ආරවුල හටගෙන ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.

මියගිය කාන්තාවගේ සහ ඇයගේ පුත්‍රයාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34