AFC Banner
AFC Banner
Empty Ad

දරුවන් තිදෙනාට වස දී පියාත් අරක්කු සමඟ වස පානය කරලා

පියෙකු විසින් සිය දරු තිදෙනාට වස පොවා ඔහු ද වස පානය කළ පුවතක් ගම්පොළ, දැල්පිටිය, සෙවනක් ජනපදය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වස පානය කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසු වූ ඔවුන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වයස අවුරුදු 04ක් වූ පිරිමි දරුවෙක්, අවුරුදු 13ක, අවුරුදු 07ක ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ 40 හැවිරිදි ඔවුන්ගේ පියා බවයි වාර්තා වුණේ.

මෙම පවුලේ සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට ආරවුලක් තිබී ඇති බවට අනාවරණය වී ඇති අතර, ඒ හේතුවෙන් බිරිඳ නිවසින් පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ හේතුවෙන් පියා සහ දරුවන් තිදෙනා තනිව නිවසේ ජීවත්ව ඇති බවයි ගම්පොල පොලිසිය සඳහන් කළේ.

ඊයේ (07) රාත්‍රී 10.00 ට පමණ නිවසට පැමිණ ඇති පියා දරුවන්ට නොදැනෙන සේ පැණිබීම බෝතලයකට වස දමා දරුවන් තිදෙනාට එය බීමට සලස්වා ඇති බවටයි හෙළිව ඇත්තේ.

පසුව ඔහු ද නිවසේ කාමරයක ගොස් අරක්කු සමඟ වස පානය කර ඇති බවට හෙළිව තිබෙනවා.

අනතුරුව රාත්‍රී කාලයේ දී පියා, බාල සහෝදරිය සහ සහෝදරයා වමනය කිරීමට පටන් ගැනීමත් සමඟ 13 හැවිරිදි වැඩිමහල් දියණිය ඔවුන්ගේ නිවස අසළ පදිංචිව සිටි ඥාතියෙකුට මේ පිළිබඳව දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ඔවුන් සියලු දෙනා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වස පානය කිරීමට පෙර සැමියා විසින් සිය බිරිඳගේ සහ දරුවන්ගේ ඡායාරූප ඇඳ මත තබාගෙන බලමින් සිට ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?