ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පස්වරුවේ පැවති තරගයෙන් කොළඹ කණ්ඩායම පරදවා ලකුණු 10ක ජයක් ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.
තරගය අද පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
තරගයේ කාසියේ වාසිය දිනූ කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 192ක් රැස් කළා.
නායක කුසල් මෙන්ඩිස් පන්දු 46කින් වේගවත් ලකුණු 87ක් රැස් කළේ හයේ පහර 8ක් සහ හතරේ පහර 4ක් ද සමගින්.
සධීර සමරවික්‍රම පන්දු 35කින් ලකුණු 59ක් ලබා ගත්තා. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 3ක් බිඳහෙළුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 182ක් පමණයි.













