දඹදිව වඳින්න යන බැතිමතුන්ට සුඛෝපභෝගී දුම්රියක්

සැදැහැවත් බෞද්ධයෙකු විසින් දැක සිත් පහදවා ගත යුතු ස්ථාන 04ක් ලෙස බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ලුම්බිණිය, බුද්ධගයාව, ඉසිපතනය සහ කුසිනාරාව ඇතුලු බුද්ධ දේශනාව හා බැඳුණු දඹදිව පූජනීය ස්ථාන සියැසින් දැක වැඳ පුදා ගැනීම ඕනෑම බෞද්ධයෙකුගේ ප්‍රමුඛ සිහිනයක්.

ඒ, සිහිනය සුවපහසුවෙන් සැබෑ කර ගැනීමට ඉඩ සලසා දීමේ අරමුණින් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලෝක බෞද්ධ ප්‍රජාවගේ ගමන් පහසුව උදෙසා ඉන්දියාවේ හා නේපාලයේ පැතිරී ඇති බෞද්ධ ආගමික ස්ථාන සදහා වන විශේෂ බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය සුවිශේෂී නවීකරණ අංග රැසක් සමගින් යළි ආරම්භ කර තිබෙනවා.

මහා පරිනිර්වාණ දුම්රිය ලෙස නම් මෙම දුම්රිය නම් කර තිබෙනවා.

මෙම දුම්රිය ගමන 2019 දී පළමුවරට ආරම්භ වූ අතර කොවිඩ් වසංගතයෙන් පසු මේ වසරේ මාර්තු 11 වැනිදා සිට බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය යළි ක්‍රියාත්මක කෙරෙනවා.

ඉන්දියාව සහ නේපාලය පුරා පැතිරී ඇති, සියලු වැදගත් බෞද්ධ ගමනාන්තයන් තමන් විසින්ම ආවරණය කිරීම දුෂ්කර කාර්යයක් විය හැකි නමුත්, මෙම දුම්රිය මගින්, මගීන්ට මෙම පුදබිම් වෙත පහසුවෙන් ළඟා විය හැකි පරිදි පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්.

නවදිල්ලියේ සෆ්දර්ජුං දුම්රිය ස්ථානයෙන් මෙම දුම්රිය ගමන් ආරම්භ කරනවා.

මෙම බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය බුද්ධගයාව, රාජ්ගීර් (රාජගහනුවර) සහ නාලන්දා, වාරානාසි (බරණැස), සාරානාත්, ලුම්බිණි, කුෂිනගර් (කුසිනාරානුවර), ශ්‍රාවස්ති (සැවැත්නුවර) සහ අග්‍රා යන ඓතිහාසික ස්ථාන ආවරණය කර නැවත නවදිල්ලි සෆ්දර්ජුං දුම්රිය ස්ථානයට ළඟා වනවා.

බෞද්ධ සංචාරක දුම්රිය බුදුන් වහන්සේගේ ජීවිතයට හා ඉගැන්වීම්වලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ සියලුම ස්ථාන ආවරණය කිරීම විශේෂත්වයක්.

චාරිකාව සදහා සැළසුම් කර ඇති කාලය දින 08ක්.

නවදිල්ලියෙන් දුම්රිය ගමන් අරඹන්නේ පස්වරු 2.30ටයි.

දෙවැනි දින උදෑසන දුම්රිය ගයා දුම්රිය ස්ථානය වෙත ළඟා වනවා.

එහිදී සංචාරකයින් පළමුව මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ද නම් කර ඇති ගෞතම බුදුරාජණන් වහන්සේ බුද්ධත්වයට පත් ඇසතු බෝ රුක පිහිටි මහබෝධි විහාරය නැරඹීමට එක් වනු ඇති.

නේරංජනා නදිය නැරඹීමද එහිදී සංචාරකයින්ට ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක්.

එදින බුද්ධගයාවේ හෝටලයක නවාතැන් ගන්නා අතර සවස්වරුවේ ලොව පුරා බෞද්ධ ජනතාවගේ‍ නමස්කාරයට පාත්‍ර වූ ගයාවේ තවත් වැදගත් වන්දනීය ස්ථාන රැසක් නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව ලැබෙනවා.

තෙවැනි දින පැය දෙකක සුඛෝපභෝගී බස් ගමනකින් රාජ්ගීර් වෙත ළඟා වීමයි සංචාරක සැලසුම.

එහිදී බිම්බිසාර රජු සිරගත කර සිටි සිර මැදිරිය, ගිජ්ජකූඨ පර්වතය සහ වේලුවනය දැක බලා ගැනීමට අවස්ථාව හිමි වනවා.

තෙවැනි දිනයේ පස්වරු කාලය වෙන් වන්නේ නාලන්දාවේ නටඹුන් නැරඹීමටයි.

ක්‍රිස්තු වර්ෂ පස්වැනි සහ නවවැනි සියවස් අතර කාලයේ පැවති නාලන්දාව ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙනවා.

ඈත පෙරදිග චීනයේ සහ ඉන්දුනීසියාවේ සිටි පිරිස් අධ්‍යාපනය සඳහා එහි පැමිණ ඇති බවට ලේඛන ගත සාක්ෂි පවතිනවා.

එදින රාත්‍රියේ දුම්රියෙන් වරනාසි බලා පිටත් වෙනවා.

සිව්වැනි දිනයේ වරනාසියේ සහ සැවැත්නුවර සංචාරය කරන අතර එහිදී දම්සක් සූත්‍ර දේශනාව සිදුකළ ස්ථානය, සාරානාත් කෞතුකාගාරය, අශෝක කුලුණ, මූලගන්ධ කුටි විහාරය වැනි ස්ථාන නැරඹීමට හැකියි.

පස්වැනි දිනයේ දී දුම්රිය සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ ලුම්බිනියට ළඟ වනවා.

එම දිනය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ ලුම්බිනියේ වැදගත් ස්ථාන නැරඹීමටයි.

එදින රාත්‍රියේ ලුම්බිනියේ නවාතැන් ගැනීමෙන් පසු පසුදින බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුෂිනගර් හි සංචාරය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

හත්වැනි දින උදෑසනම දුම්රිය බල්රාම්පූර් වෙත ළඟා වන්නේ බුදුරජාණන් වහන්සේ සිය ජිවිතයේ වැඩිම කාලයක් විසූ ශ්‍රාවස්තියේ හෙවත් සැවැත්නුවර සංචාරය සඳහායි.

ජේතවන විහාරය ඇතුළු වැදගත් ස්ථාන නැරඹීමට එහිදී අවස්ථාව හිමිවනවා.

දුම්රිය ගමනේ අවසන් නැරඹුම් ස්ථානය ලොව පුදුම හතෙන් එකක් වන අග්‍රා හි ටජ්මහලයි.

අටවැනි දිනයේ උදෑසන දුම්රිය අග්‍රා වෙත ළඟා වනු ඇති.

ටජ්මහල නැරඹීමෙන් අනතුරුව එදින පස්වරු 6.00 වන විට දුම්රිය යළි නවදිල්ලියට ළඟා වනවා.

කෙසේ වෙතත් මෙම දුම්රිය සේවය ක්‍රියාත්මක වන්නේ සැප්තැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ පමණයි.

අද්විතීය අත්දැකීමක් ලබාදෙමින් මෙම බෞද්ධ චාරිකා සංචාරක දුම්රියේ ගමන් කිරීම සඳහා වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය මැදිරි, බහු-සූපශාස්ත්‍ර අවන්හල් දෙකක්, කුඩා පුස්තකාලයක්, නවීන මුළුතැන්ගෙයක් පාද සම්බාහන යන්ත්‍ර වැනි පහසුකම්ද අන්තර්ගත වනවා.

ඔබ සංචාරය කරන සෑම නගරයකම තරු පන්තියේ හෝටල්වල ඔබට නවාතැන් හිමිවන අතර බෞද්ධ සංචාරක දුම්රිය ගමන අතරතුර සියලුම ආහාර පාන සපයනු ලබනවා.

www.irctcbuddhisttrain.com යන වෙබ් අඩවිය ඔස්සේ වට්ටම්ද සහිතව ඔබටත් දැන්ම ඔබේ සංචාරය වෙන් කරවා ගත හැකියි.

මෙම දුම්රියේ සංචාරය කරමින් අද්විතීය අත්දැකීමක් ලබමින් බෞද්ධ වන්දනීය ස්ථාන දැක නරඹා පහන් සිත් ඇතිකර ගැනිමට අවස්ථාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
73
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?