දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 62 වියේ පසු වුණා.

රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (16) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කළ අයෙක්.