දකුණු කාශ්මීරයේ සිදු වූ වෙඩි තැබීමකින් 26ක් මරුට – මෝදිගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් ඉන්දීය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙන ඒම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා යොදා තිබෙනවා.

ඒ අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි X සටහනක් ද තබා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙවැන්නක්;

”ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මම දැඩි ලෙස හෙළා දකිමි. තම ආදරණීයයන් අහිමි වූවන්ට ශෝකය පළ කරමි. තුවාල ලැබූවන් ඉක්මනින් සුවය ලබනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. පීඩාවට පත් වූවන්ට හැකි සෑම ආධාරයක්ම ලබා දෙනු ලැබේ.

මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින අයව නීතිය හමුවට පමුණුවනු ලැබේ… ඔවුන් බේරෙන්නේ නැත! ඔවුන්ගේ නපුරු න්‍යාය පත්‍රය කිසි විටෙකත් සාර්ථක නොවනු ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ අපගේ අධිෂ්ඨානය නොසැලෙන අතර එය තවත් ශක්තිමත් වනු ඇත” යනුවෙන් එහි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39