දකුණු ඔස්ට්‍රෙලියාවේ ආණ්ඩුකාරවරිය සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

දකුණු ඔස්ට්‍රෙලියාවේ ආණ්ඩුකාර ෆ්‍රාන්සස් ඇඩම්සන් (Frances Adamson AC) මහත්මිය හා අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්වුණා.

ඊයේ (22) මෙම හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදියි.

ආණ්ඩුකාරවරිය පිළිගනිමින්, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිබඳ ව සිහිපත් කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෘත්තීය පුහුණුව සහ ආයතනික හවුල්කාරිත්වය මෙන්ම ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වුණා.

මෑත කාලීන ආර්ථික හා දේශපාලන අභියෝග හමුවේ ජනතාවගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලන ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ ප්‍රමුඛතාවය ලබා දී ඇති ආකාරය පිළිබඳ ව අග්‍රාමාත්‍යවරිය නියෝජිත පිරිසට පැහැදිලි කළා.

උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන නියාමනය කිරීම, වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ ඇතුළු අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී විස්තර කළා.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ ජ්‍යෙෂ්ඨ ඔස්ට්‍රෙලියානු නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියා.

ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්ෂ උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද එක් ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32