දකුණු ආසියාව දිනූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මව්බිමට (වීඩියෝ)

ඉන්දියාවේ පැවති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එහි අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම මෙම තරගාවලියේ දී රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් සමස්ථ පදක්කම් 40ක් දිනාගත්තා.

මෙම තරගාවලිය ඉකුත් 24 වනදා සිට 26 වනදා දක්වා දකුණු ආසියානු කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ රංචි නුවර දී පැවැත් වුණා..

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (28) අලුයම 02.10ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1171 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දිවයිනට පැමිණි එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන්, පාසැල්වල ගුරු භවතුන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි ‘දසත නිවුස්’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56