දකුණු ආසියාවේ විශාලතම VAT බදු වංචාවේ මහමොළකරු සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

දකුණු ආසියාවේ සිදු වූ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන 2004 වසරේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු වූ රුපියල් බිලියන 3.9 වැට් බදු වංචා නඩුවේ මහමොළකරුවන අටවන විත්තිකාර මොහොමඩ් තමිල් කමුබ්ඩීන් නැමැති අය වෙනුවෙන් යළි කරුණු දැක්වීමක් අභියාචනාධිකරණය හමුවී සිදුකිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) අභියාචනාධිකරණයට වාරණ නියෝගයක් නිකුත් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිලර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න කළ කරුණු දැක්වීම සලකා බැලූ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

එම වාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ නම් සති දෙකක කාලයක් ඇතුළත ලිඛිතව අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

මීට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධි චෝදනා පත්‍රයක් විභාග කළ මහාධිකරණය පසුගිය 2014 සැප්තැම්බර් මස 26 වනදා එම විත්තිකරු ඇතුළු පිරිසක් වරදකරුවන් බවට නිගමනය කරමින් දඬුවම් නියම කළ බවත්, එම දඬුවම් නියෝගයන්ට එරෙහිව අටවන විත්තිකරු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු අභ්‍යාජනාධිකරණයේ හමුවේ අභියාචනාවක් ගොනු කළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර.සිටියා

එම අභියාචනාව විභාග කළ අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල මිනිසුරු මඩුල්ල විසින් 2023.12.13 වන දින තුනෙන් දෙකක බහුතර තීන්දුවකින් මහාධිකරණයේ එම දඬුවම් නියෝගය තහවුරු කිරීම නිසා අටවන විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අභියාචනාවක් ගොනුකර ඇතැයි ද පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ එම අභියාචනය කැඳවමින් තිබියදීම විත්තිකරු අභියාචනාධිකරණයට මෝසමක් ගොනුකර අභියාචනාධිකරණ පංච පුද්ගල මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී පෙර තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා කරුණු දක්වා ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

එකම සිද්ධිය සම්බන්ධයෙන් එකවර අධිකරණ දෙකක් හමුවේ කරුණු දැක්වීම නීතියට පටහැනි හා අයුක්ති සහගත ක්‍රියාවක් වන්නේ යයි ද නියෝජ්‍ය සොරිසිටර් ජෙනරාල් මහේෂිකා සිල්වා සමඟ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවා.

එසේම විත්තිකරු අභියාචනාධිකරණය තීන්දුව නිකුත් කොට මාස හයකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනය ගොනුකර තිබීම කිසිදා මහාධිකරණය අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී නොසිට අධිකරණය මගහැර සිටි විත්තිකරු තෙවන පාර්ශවයක් මගින් එම පෙස්සම් ගොනුකර ඇති බවත්, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවා.

මහාධිකරණය විසින් ව්‍යාපාරිකයකු වන අටවන විත්තිකරු ඇතුළු බිත්තිකරුවන් එක් එම එකී චෝදනාවලට වරදකරුවන් කර වසර ගණනක සිර දඬුවම් හා රුපියල් කෝටි ගණනක දඩ මුදල් නියම කර ඇත්තේ සාධාරණ නඩු විභාගයකින් අනතුරුව වන බව නීතිපතිවරයා ඉදිරිපත් කළ ලේඛන හා සාක්ෂි අනුව පැහැදිලි වන බැවින් එම දඬුවම් ඉවත්කොට ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව සම්පත් අබේකෝන් හා ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කොට තිබූ නමුත් එවකට අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා විත්තිකරු පෙත්සම්කරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දුව ලබා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39