spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණටත් රට බිත්තර

ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල් වෙත යොමුකළ සියලු ආනයනික බිත්තර තොග විකිණී අවසන්ව ඇති බැවින් ඊයේ රාත්‍රියේම නව තොග බෙදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

ආනයනික බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ද අවශ්‍ය බිත්තර තොග මේ වනවිට බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සුපිරි වෙළෙඳසැල්වලින් ද මේ වනවිට ආනයනික බිත්තර ලබා ගැනීමේ අතර, ඒ අනුව රුපියල් 40ක මිලකට එම බිත්තර සුපිරි වෙළෙඳසැල්වලින් ලබා ගැනීමේ හැකියාව සළසා තිබෙනවා.

සතොස වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තරයක් අලෙවි කරන්නේ රුපියල් 35ක මිලකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?