දක්ෂිණ අධිවේගී මාර්ගයේ සැප බස්රථයක් ගිනිගනී (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ බස්රථයක් අද (15) දහවල් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – බදුල්ල ධාවනය වන සුඛෝපභෝගි බසයක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් කිසිවකුටත් හානී සිදු වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.