දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු වැලක් – රථ වාහන 26කට අලාභ හානි (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ අනතුරු කිහිපයකින් රථ වාහන 26කට ආසන්න සංඛ්‍යාවකට අලාභ හානි සිදුව තිබෙනවා.

ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන කිලෝමීටර් 32 හා 35 අතර දී සිදු වූ අනතුරු 06කින් මෙම අලාභ සිදුව ඇති බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සඳහන් කළේ.

සිදු වූ අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නොමැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !