spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 80.08 සහ 80.09 කිලෝමීටර් කණු අතරදී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ දෙසට ධාවනය වූ තැඹිලි පැටවූ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ බවුසර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රුයදුරු සහ රිය සහායක ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව රිය සහායක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා අහංගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?