දක්ෂිණ අධිවේගයේ අත්හැර දමා ගිය මෝටර් රථයක් සොයාගැනේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතර කිලෝමීටර 140 කණුව ආසන්නයේ දී දොරගුළුලා අත්හැර දමා තිබූ සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් පිළිබඳව තිහගොඩ ‍පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සිදුකළ දැනුම්දීමකට අනුව අපරැක්ක අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ නිලධාරීන් විසින් මෙම මෝටර් රථය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ මෝටර් රථය දොඩංගොඩ පිවිසුමෙන් ඇතුළුවී මත්තල දෙසට පැමිණ ඇති බවට වන සාක්ෂියක් ලෙස මෝටර් රථය තුළ තිබී ටිකට්පක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ ළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංකයටම
රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ද මෝටර් රථයක් ඇති බවයි.

රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයා සතු මෝටර් රථයේ සහ මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංක සමාන වුවත් එන්ජින් අංකය වෙනස් බවයි වැඩිදුරටත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අතහැර දමා ගොස් තිබූ මෝටර් රථයේ දොරගුළු විවෘත කර සිදුකළ පරීක්ෂණවලදී ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ දිනපොතක් සහ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නමක් සඳහන් සහතික පත්‍රයක් ද තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

සොයාගත් දිනපොත තුළ තිබී හැඳුනුම්පතක ඡායාපිටපතක් අනුව සිදුකළ විමර්ශනවල දී පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමක් සහ ලිපිනයක් සඳහන්ව තිබූ බවත්, ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමේ දී එම පුද්ගලයා ඊයේ (25) පෙරවරුවේ නිවසින් පිටව ගොස් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46