ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයට අදාළව ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය ඊයේ (23) පාකිස්ථානය සමඟින් අබුඩාබි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
තරගයෙන් කඩුලු 05ක විශිෂ්ඨ ජයක් ලබා ගත් පාකිස්ථානය, ශ්‍රී ලංකාව සඳහා අවසන් තරගයට පිවිසීමට තිබු ඉඩ ප්‍රස්ථාව අහිමි කළා.
කාසිය වාසියේ ජයග්‍රහණය කිරීමෙන් පසු පකිස්ථාන නායකයා විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර එම තීරණය උපරිම සාධාරණයක් ලකුණු 60ක් තුළ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් දවා ගැනීමට පාකිස්ථාන වේග පන්දු යවන්නන් සමත් වුණා.
කෙසේ වෙතත් සිව්වන කඩුල්ලෙන් පසු පිටියට කමිඳු මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 44ක් තුළ ලකුණු 50 රැස් කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම යම් තරමක් දුරට ශක්තිමත් කරනු ලැබුවා.
නියමිත පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 08ක් දැවීගොස් ලකුණු 133කට සිමා වුණා.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 05ක් පමණක් දැවී යාමෙන් තරගය ජයගනු ලැබුවා.
කෙසේ වෙතත් පාකිස්තාන ඉනිම එක් අවස්ථාවක අසීරු අඩියකට ඇඳ දමන්නට වනිඳු හසරංග සමත් වුණේ මහිෂ් තීක්ෂණ යොමුකළ පන්දුවකට ෆකර් සමාන් එල්ල කළ පහරකින් එක් අතකින් විශිෂ්ඨ පන්දුවක් ලබා ගනිමින් සහ ඔහුගේ පන්දුවාර දෙකක් තුළ සයිම් අයුබ් මෙන්ම නායක සල්මන් අලි අගා දවා ගනිමින්.
කෙසේ වෙතත් මොහොමඩ් නවාස් සමඟ හුසේන් තලාත් පිටියේ ස්ථාවර වෙමින් ජයග්‍රහණය කරා තම කණ්ඩායම රැගෙන ගියා.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසා සිටියේ තමා ඇතුළු පිතිකරුවන් අසාර්ථක වීම පිළිබද ඔවුන් වගකීම භාර ගත යුතු බවත් සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරග දෙකම පරාජයට පත් වීම කණ්ඩායමේ සියලු දෙන කණගාටුවන බවයි.
එමෙන්ම කණ්ඩායමේ ක්‍රීඩක සංයෝජනය පිළිබද දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුවක් පවතින බව පැවසු චරිත්, තරගයේ ක්‍රීඩා කරන පිතිකරුවන් සහ පන්දුයවන්නන්ගේ සංයෝජනය පිළිබද මෙම ගැටලුව පිළිබද ඉක්මනින් තේරීම් කමිටුව සහ පුහුණුකරු සමඟ සාකච්චා කොට තමන් එය විසඳා ගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.














උඹලට ක්‍රිකට් බෑ පුක් චරියෝ. බෝලින් චේන්ජ් කරන්න දන්නෙත් නෑ. තෝ දන්නේ ලෙජන්ඩ්ස්ලා තියපු ශ්‍රීලංකා ක්‍රිකට් නම කන්නයි තඩි පුක හොලව හොලව එහේට මෙහේට දුවන්නයි විතරයි.
You wait till the team is kicked out of the tournament to solve the problems in composition of the team? LOL 😂