තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ආපසු කැඳවයි

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයට සහය නොදැක්වීමේ චෝදනා මත පැවරු නඩුවට අදාලව ඊයේ (13) වරෙන්තු ලැබ සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිය නීතිඥවරයකු මාර්ගයෙන් පෙනී සිටියා.

එම අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා වරෙන්තු ආපසු කැඳවනු ලැබුවා.

සිද්ධියට අදාල නඩුව ඊයේ (13) දින කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොටගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණා.

ඒ අනුව තුසිත හල්ලොලුව සිය නීතිඥවරයා මගින් මොසමක් ගොනු කරමින් අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතීඥවරයා සඳහන් කර සිටියේ ශල්‍ය කර්මයක් කර තිබෙන හෙයින් ඊයේ දින තම සේවාදායකයාට අධිකරණයට පැමිණීමට නොහැකිවූ බවයි.

ඇප මත සිටින සැකකරු හෝ සැකකරු වෙනුවෙන් ඇප තැබූ ඇපකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.

තුසිත හල්ලොලුවගේ වාහනයට නාරාහේන්පිට ප්‍රදේශයේදී පහරදීම සහ වෙඩි තැබමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාල නඩුවක් ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූවා.

තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයට සහය නොදැක්වීමේ චෝදනා මත පැවරු නඩුවට අදාළව මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?