තුල්හිරියේ අනතුරකින් මව, පියා සහ පුතුට දිවි අහිමිවෙයි

අද (12) අලුයම කොළඹ – කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැරදි මංතීරුවේ ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතිර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ රඹුක්කන, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඔවුන් අවුරුදු 40, 39 සහ 13 යන වයස්වල පසුවූවන් බව සඳහන්.

පියා විසින් මෙම ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇති අතර, ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැති බවටද තහවුරු වී තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති අතර, ත්‍රිරෝද රථය පැදවූ පියාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

අනතුර සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
3
+1
5
+1
95
+1
18
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?