spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුර්කි – සිරියා භූ කම්පනයෙන් නැතිවූ ජීවිත ගණන 4,300 ඉක්මවයි – ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් (ඡායාරූප)

තුර්කිය සහ වයඹදිග සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් තුර්කියේ පුද්ගලයින් 2,921 දෙනෙකු මිය ගිය බව තුර්කි බලධාරීන් මේ වනවිට තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෙම භූ කම්පනයෙන් සිරියාව තුළ 1,444 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ, අනුව මෙම ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 4365ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි මුදවා ගැනීමේ කණ්ඩායමේ සඳහන් කරන්නේ.

ඊයේ (06) අලුයම රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූ කම්පනය ඇති වූ අතර,ඉන් පැය කිහිපයකට පසු පසු කම්පන කිහිපයක් මධ්‍යයේ රික්ටර් පරිමාණයේ 7.5 ක තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වුණා.

වසර 100 කට වැඩි කාලයකට පසු කලාපයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි වාර්තා වන්නේ.

මේ අතර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර ගලවා ගැනීමේ කණ්ඩයම් තුර්කියට සහ සිරියාවට පැමිණමින් සිටුන බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

ap23037626730698 1 c772d9083e08cbf5c290f451b097d8d1b1b22ddb s1100 c50
Emergency teams search in the rubble for people in a destroyed building in Adana, Turkey, Monday, Feb. 6, 2023. A powerful quake has knocked down multiple buildings in southeast Turkey and Syria and many casualties are feared. (AP Photo/Khalil Hamra)
PRI 125946719
Turkey Earthquake 1675742124640 1675742124886 1675742124886
97646864
AA 20230206 30185761 30185759 EARTHQUAKES JOLTS TURKIYES PROVINCES e1675693846863
skynews turkey earthquake 6048853
000 338N23Ma
Rescue REV
1675700979 rescue operations turkey
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?