තුර්කි යන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට සහන සේවා උපකරණ

තුර්කි – සිරියානු භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් හා සහන සැලසීම සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායම සඳහා අවශ්‍ය සෙවීම් හා මුදවාගැනීම් උපකරණ ලබාදීම සිදු කෙරුණා.

මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC) සහායෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මෙලෙස ලබාදී ඇත්තේ සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන උපකරණ තොගයක්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය වෙත මෙම උපකරණ භාරදෙනු ලැබුවා.

මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානයේ (ADPC) සහය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් (PEER Programme) 2021 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතිනවා.

මෙම පුහුණු වැඩසටහනට සමගාමීවයි රුපියල් මිලියන 17 ක පමණ වටිනාකමකින් යුතු සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන පුහුණු උපකරණ තොගයක් ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාර දෙනු ලැබුවේ.

ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන (PEER Programme) යටතේ පුහුණුව ලැබු යුධ හමුදා නිළධාරීන් ඇතුලත්ව ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂඥ කණ්ඩායමක් සිරියානු – තුර්කි භූමි කම්පාවෙන් විතට පත්වුවන්ට සහන සැලසීම සදහා පිටත්ව යාමට නියමිත අතර මෙම කණ්ඩායමේ රාජකාරි ඉටු කිරීමේ දී භාවිතා කිරීම සදහා කාණ්ඩ 47කින් අයිතම 448 ක් ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

මෙම පුහුණු වැඩසටහන යටතේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රජා ක්‍රියාකාරීත්වය (CADRE), විනාශයට පත් විශාල ඉදිකිරීම් ආශ්‍රිත සෙවීම සහ මුදාගැනීම් (CSSR), වෛද්‍ය ප්‍රථමාධාර සහ ප්‍රතිචාර(MFR), හදිසි අවස්ථා සඳහා රෝහල් සූදානම (HOPE) යන විෂය ධාරා ඔස්සේ ආපදාවකදී සෙවීම් හා මුදවා ගැනීම් සඳහා සක්‍රීය දායකත්වයක් දක්වන ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුලු පාර්වකාර ආයතන නිළධාරීන් වාර්ෂිකව පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23