spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුර්කියේ භූ කම්පනය ගැන දින තුනකට කලින් අනාවැකි කියූ විෂ්මකර්ම මිනිසා

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය පිළිබඳව මීට දින කිහිපයක පෙර අනතුරු ඇඟවීමක් සිදුකළ පර්යේෂකයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Solar System Geometry Survey නමැති ආයතනයේ පර්යේෂකයෙකු වන ෆ්රෑන්ක් හූගර්බීට් පසුගිය සිකුරාදා (03 වනදා) මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණා.

ඒ අනුව ඔහු සිකුරාදා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ “ඉක්මනින් හෝ පසුව මෙම කලාපයේ (දකුණු-මධ්‍යම තුර්කිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය) රිච්ටර් මාපකයේ 7.5ක භූමිකම්පාවක් සිදුවනු ඇති බවයි.

තුර්කිය සහ සිරියාව ඊයේ (06) අලුයම සිදුවූ මෙම දරුණු භූ කම්පනයෙන් පසු නෙදර්ලන්ත ජාතික ෆ්රෑන්ක් හූගර්බීට් ට්විටර් පණිවුඩයකින් සඳහන් කළේ මධ්‍යම තුර්කියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් විපතට පත් වූ සෑම දෙනාටම තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරන බවයි.

ෆ්රෑන්ක් හූගර්බීට් විසින් භූ කම්පනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවමින් නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?