තුර්කියේ ඩ්‍රෝන අපනයනය හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වය එක්සත් ජනපදය හඳුනාගත යුතුයි – පෙන්ටගනයේ හිටපු නිලධාරියෙක් කියයි.

තුර්කියේ ඩ්‍රෝන අපනයනය හේතුවෙන් මතු වී තිබෙන අස්ථාවරත්වයත් තුර්කියේ ආරක්ෂක කර්මාන්තයට සම්බාධක පැනවීමටත් කාලය එළඹ ඇති බව ධවල මන්දිරය සහ එක්සත් ජනපද කොන්ග්‍රසය හඳුනාගත යුතු බව පෙන්ටගනයේ හිටපු නිලධාරියෙකු වන මයිකල් රූබින් පවසනවා.

අමෙරිකාවේ ආරක්ෂක සහ දේශපාලන තොරතුරු වාර්තා කරන “1945” වෙබ් අඩවිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ තුර්කි ඩ්‍රෝන යානා අප්‍රිකාවේ මහා විල් කලාපයේ කොකේසස් දක්වා සහ ඉන්දියානු කාශ්මීරයේ සිට ලිබියාව දක්වා ආරක්ෂාව අඩාළ කරන බවයි.

රූබින්ට අනුව ව්‍යාකූලත්වයක් ඇති කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කර ඉන් ලාභ ලැබීමේ තුර්කි ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය හඳුනාගෙන එම කටයුතුවල නියැලෙන බේකාර් සහ අනෙකුත් තුර්කි සමාගම්වලට සම්බාධක පැනවීමට එක්සත් ජනපද කොන්ග්‍රස සලකා බැලිය යුතුව තිබෙනවා.

තුර්කි ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 2023 ජනවාරි 6 වන දින නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගෝමා ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබුණා.

කලාපයේ ප්‍රාදේශීය කණ්ඩායම් සමඟ වැඩි වැඩියෙන් ගැටෙන බැවින් කොංගෝ හමුදාවට සැපයීමට අවශ්‍ය තුර්කි හමුදා උපකරණ එම යානයේ තිබූ බවටයි පැවසෙන්නේ.

මෙම උපකරණ අතර උපායමාර්ගික සටන් ඩ්‍රෝන යානා ඇතුළත් වූ බව නයිරෝබි නුවර “සහන් රිසර්ච්” නම් සමීක්ෂණ ආයතනයේ රෂීඩ් අබ්ඩි පවසනවා.

රෂීඩ් අබ්ඩි පවසන පරිදි, එය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ රුවන්ඩාව අතර උපායමාර්ගික සමතුලිතතාව අවුල් කළ හැකි එක් හේතුවක්.

රූබින් ප්‍රකාශ කර ඇත්තේ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කටයුතු කරමින් ඇති අවස්ථාවක මෙම උපකරණ මගින් දෙරට අතර ආතතිය අවුලුවාලිය හැකි තත්ත්වයක් මතු විය හැකි හැකි බවයි.

ඔහුගේ වාර්තාවට අනුව, තුර්කිය හමුදා උපකරණ ලබා දීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කර තිබෙනවා. ඩ්‍රෝන යානා අපනයනය කිරීම, විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සහ මූල්‍ය ත්‍යාග ලබා ගැනීමට උත්සාහ කිරීම තුර්කිය ලිබියාවේදී ද සිදු කළ බව එම වාර්තාවේ සඳහන්.

තුර්කියේ ආරක්ෂක කර්මාන්තය 2022 දී  උපයා ඇති මුදල ඩොලර් බිලියන 4 කට ආසන්න බවද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17