තුර්කියට සහ සිරියාවට මානුෂීය ආධාර ලබාදීම ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ඊයේ (09) අරලියගහ මන්දිරයේ දී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට කඩිනම් සහන සැලසීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ පෞද්ගලික අංශය මඟින් මිනිස් බල සම්පත් ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා සැපයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබඳ පුහුණුව ලත් වෛද්‍ය සහ ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් මෙන්ම තේ සහ නිෂ්පාදිත නිෂ්පාදන තුර්කියේ වින්දිතයින්ට රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් ලබාදීමට මෙහිදී සැලසුම් කර ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

සිරියාවේ විපතට පත් වූවන් වෙත ලෙබනනය හරහා මානුෂීය ආධාර යැවීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04