තුන්වන ලෝක යුද්ධයක් ගැන ට්‍රම්ප් අනතුරු අඟවයි

වත්මන් ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ තෙවන ලෝක මහා යුද්ධයක් බලාපොරොත්තු විය හැකි බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළා.

තවද, එය න්‍යෂ්ටික යුද්ධයක් වන බවයි ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ.

බයිඩන් ප්‍රමුඛ රජය රට විනාශ කරමින් සිටින බවද 76 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක ට්‍රම්ප් චෝදනා කරනවා.

ඇමෙරිකාවේ මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරුන් 5 දෙනෙකු එකතුවී රටට කර තිබෙන විනාශයට වඩා වැඩි විනාශයක් ජනපති බයිඩන් ප්‍රමුඛ රජය මගින් රටට කර තිබෙන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

2016 මැතිවරණයට පෙර තමාට හානිකර තොරතුරු වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වරදකරු නොවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා නිව්යෝර්ක්හි මෑන්හැටන් අධිකරණයකදී හිටපු ජනාධිපතිවරයාට චෝදනා 34ක් එල්ල වුණා.

ඔහු අනියම් ඇසුරක් පැවැත්වූ බව පවසන අසභ්‍ය චිත්‍රපට නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා පවතිනවා.

ට්‍රම්ප් මහතා අපරාධ නඩු විභාගයකට මුහුණ දුන් ඉතිහාසයේ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙසටයි සැලකෙන්නේ.

76 හැවිරිදි ඔහු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු නිවසට රැස්ව සිටි ආධාරකරුවන්ට පැවසුවේ මා කළ එකම අපරාධය වන්නේ අපේ ජාතිය විනාශ කිරීමට උත්සාහ කරන අයගෙන් නිර්භයව රට ආරක්ෂා කිරීම බවයි.

මෙම ව්‍යාජ නඩුව හුදෙක් තමා ඉදිරිපත් වන ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට බාධා කිරීමේ ඩිමොක්‍රටික් කුමන්ත්‍රණයක කොටසක් බව ද ඔහු චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39