තුන්කොන් 20-20 තරගාවලිය නියමිත පරිදි – ඇෆ්ගනිස්ථානය වෙනුවට සිම්බාබ්වේ පිළ තරගාවලියට

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ තුන්කොන් තරගාවලියට එක්වීමට සිම්බාබ්වේ කණ්ඩායම කැමැත්ත පළකර තිබෙනවා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථානය ඉවත්වීමෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායම මෙම විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.

එළඹෙන නොවැම්බර් 17 සිට 29 දක්වා පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් ලාහෝර් සහ රාවල්පින්ඩි හිදී මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටිය ද, පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට එල්ල වූ දේශසීමා ප්‍රහාරයකින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු මිය යාමෙන් අනතුරුව තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා.

ඇෆ්ගනිස්ථානයේ ප්‍රකාශයෙන් පසු තත්ත්වය පිළිබඳව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය කිසිදු නිල අදහසක් ප්‍රකාශ නොකළ අතර, තුන්කොන් තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙන බවයි ඔවුන් සඳහන් කළේ.

තරගාවලිය ප්‍රතික්ෂේප කළ ඇෆ්ගනිස්ථානය වෙනුවට වෙනත් කණ්ඩායමක් එක්කරගන්නා බවයි පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ අදහස් වී තිබුණේ.

ඒ, අනුවයි මෙම තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57