spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරුබදු රහිත ව මෙරටට ගෙන්වූ දුම්වැටි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

තීරුබදු රහිත ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්‍යය බලකාය පස්සර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.

ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්‍යය බලකායේ බදුල්ල කණ්ඩායම විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ බදුල්ල – තැපැල් හල අසල දියි.

පෞද්ගලික වෙළෙඳසැලක් පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකළ දුම්වැටි 320 ක් බවයි වාර්තා වන්නේ.

සැකකරු 44 හැවිරිදි බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බදුල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?