spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක තරඟයේ දී ඇෆ්ගනිස්ථානයෙන් ලංකාවට පහසු ඉලක්කයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තීරණාත්මක තුන්වන සහ අවසන් එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 22යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 116ක් පමණයි.

පන්දුවට පහරදීමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට කිසිදු සාර්ථකත්වයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රිඩකයා වුයේ මොහොමඩ් නබී පමණයි. ඒ ලකුණු 23ක්.

ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 22ක් සහ ගුල්බඩින් නයිබ් ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 4ක් දවා ගත්තා. ලහිරු කුමාර කඩුලු දෙකක් ද වනිදු හසරංග කඩුලු 3ක් ද මහිෂ් තීක්ෂණ එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?