තීරණාත්මක තරගය ජය ගන්නට ඇෆ්ගනුන්ට ලකුණු 242ක ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරගයක එක් පාර්ශ්වයක පිතිකරණය මීට ටික වේලාවකට පෙර නිමාවට පත් වුණා.

ඒ ප්‍රතිවාදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලකුණු 242ක ඉලක්කයක් හිමිකර දෙමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි තීරණය කළේ පළමු ව පන්දු රැකීමටයි.

ඒ අනුව පිතිකරණයට ලැබුණු ඇරයුම් පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස අද පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න පැමිණියා.

ලකුණු පුවරුව යම් තාක් හෝ ශක්තිමත් වීමට පෙරාතුව අදත් සිය පිතිකරණයෙහි වගකීම අමතක කළ දිමුත් කරුණාරත්න ලකුණු 15කට දැවී ගියේ Fazalhaq Farooqi ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස් සමග එක් වූ පැතුම් නිස්සංක යළිත් පළමු කඩුල්ලෙන් මන්දගාමී වූ පිතිකරණය ගොඩනගන්නට උත්සාහයක යෙදුණා.

නමුත් අවාසනාවකට නිස්සංක සිය එක්දින පිටියේ 14 වැනි අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 46කට දැවී ගියේ සිය නායකයා සමගින් එතෙක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ ලකුණු 62කට තිත තබමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් ලබා සිටියදී දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 04ක් ම ලකුණු 100ක් වන විට බිඳ වැටී තිබුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය වගකීම්සහගත පිතිකරණය සහ ප්‍රවේසම්කාරී ඉනිමක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවදුරටත් සිතා බැලිය යුතු බවට ඉඟියක් ද දෙමින්.

සදීර සමරවික්‍රම ලකුණු 36ක් අතැතිව සිටියදී දැවී ගියේ මුජීබ්ගේ පන්දුවක් හමුවේයි.

අසලංක ලකුණු 22යි.

අද දිනයේ දිත් පිත්තෙන් අසමත් වූ ධනංජය ද සිල්වා ලකුණු 14කට පිටියෙන් ඉවත් වුණා.

ඇන්ජිලෝ මැතිව්ස් සමග 08 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 සීමාවට මහත් ප්‍රවේසමෙන් රැගෙන ඒමට පන්දු බලඇණියේ ක්‍රීඩක මහීෂ් තීක්ෂණට හැකි වුණා.

ප්‍රවීණ පිතිකරුවෙකුගේ විලාසයක් පෙන්නුම් කරමින් සිය පිත්ත හැසිරූ මහීෂ් පන්දු 31කට ලකුණු 29 ක් රැස් කළේ හතරේ පහර 03ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

මැතිව්ස් ලකුණු 23යි.

අද තරගයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කිසිදු වගකිව යුතු පිතිකරුවෙකුට එක් අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

තරගය පුරා ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූයේ ද හයේ පහරවල් ක් පමණක් වීම ද මෙහි දී කැපී පෙනුණා.

ඉන් එක් හයේ පහරක් පිතිකරු මැතිව්ස්ගෙන් ද, අනෙක දඟ පන්දු යවන්නෙකු වන මහීෂ්ගේ නමින් ද ලියැවුණා.

කඩුලු බිඳ දැමීමේ දී ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් Fazalhaq Farooqi කඩුලු 04ක් බිඳ දැමුවේ ලකුණු කටයි.

Fazalhaq Farooqi දවාගත් කඩුලු 04 සමග එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින පිටියේ හොඳම පන්දු යැවීම ලෙසට ද අද දිනයේ දී සටහන් වුණා.

ඔහු මීට පෙර ලකුණු 49කට කඩුලු 04ක් ලබාගෙන සිටියා.

අද ඔහු ලකුණු 34කටයි මෙම දක්ෂතාව කඩුලු 04කින් සම්පූර්ණ කළේ.

Fazalhaq Farooqi ගේ කඩුලු දඩයමට හසු වූ ක්‍රීඩකයින් අතර, දිමුත් කරුණාරත්න, ඇන්ජිලෝ මැතිව්ස්, චරිත් අසලංක සහ මහීෂ් තීක්ෂණ ඇතුළත්.

Mujeeb Ur Rahman කඩුලු 02කකට වගකියනු ලැබුවා.

එක් කඩුල්ල බැගින් Azmatullah Omarzai ට සහ Rashid Khan ට හිමිවුණා.

ඒ අනුව පන්දු වාර 50ක් (පන්දු 300කදී) අද තරගය ජය ගනිමින් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ගැන තවදුරටත් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම්; ඇෆ්ගනිස්ථානයට අද තරගය ශ්‍රී ලංකාවට මෙන් ම ජය ගැනීම අනිවාර්‍යය වනවා.

ඊට කඩුලු 10ක් තුළ ඇෆ්ගනුන්ට හිමි ඉලක්කය ලකුණු 242ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32