තිස්ස අත්නායකගේ දියණිය ඔස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරකට පත් කරයි..

සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මහත්මියට ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අනුමත කිරීමෙන් පසු විදේශ තාතාපති කාර්යාල සදහා වන පත්කිරීම් මත මෙය සිදු කර තිෙබ්.

ප‍්‍රධාන විපක්‍ෂයේ ජාතික සංවිධායකගේ සහ ආණ්ඩුව අතර තිරය පිටුපස සම්බන්ධතාවයක් ඇති බවත්, තිස්ස අත්තනායක මහතා රාජපක්‍ෂවරුන්ගේ ඕනෑ එපාකම් මත සමගි ජන බලෙව්ගය විනාශ කරමින් සිටින බවට පසුගිය කාලයේ සමාජය පුරා හා පාර්ලිෙම්න්තුෙව් ඇතැම් මන්තී‍්‍රන් අදහස් දක්වා තිබුනි.



අපගේ නවතම වීඩියෝ පුවත්