තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් රජය ගත් තීරණය

තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අද (05) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු එම තීරණය ගත් බවය.