තියුණු ආයුධ සහ වෙඩි බෙහෙත් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ගුවන් යානා නාශක අවි සඳහා යොදන උන්ඩ , තියුණු ආයුධ ,සහ වෙඩි බෙහෙත් සමඟ පුද්ගලයකු වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

සැකකරු සමඟ ( ඇක් ඇක් උන්ඩ ) වන්නි යානා නාශක උණ්ඩ හතරක්, කඩු තුනක් උල් පිහියක් , බලපත්‍ර නොමැතිව වෙඩි බෙහෙත් මිලිගෑම් 14,550 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය භාරයට ගෙන

පොලිස් විශේෂ කාර්යය බලකා දෙනියාය කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගැනීම සිදු කර ඇත

වයස අවුරුදු හතළිස් දෙකක් වන සැකකරු දුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිසිය වෙත භාරදී ඇත

පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ජේෂ්ඨ පොලිස් අධිකාරි වීදුර දිසානායක , සහකාර පොලිස් අධිකාරි සම්පත් , දෙනියාය කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි කේ ඩි ගයාන් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ .



අපගේ නවතම වීඩියෝ පුවත්