තිදරු මව දූෂණයකර ඝාතනය කරලා

මරදන්කේණි පොලිස් වසමේ තලෛයිඅඩි ප්‍රදේශයේ දී කාන්තාවක දූෂණය කිරීමෙන් පසු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උඩුත්තුරෙයි උතුර, තලෛයිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව සැමියා සහ දරුවන් තිදෙනා සමඟ උඩුත්තුරෙයි උතුර, තලෛයිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවසේ රැඳී දිරා ඇති අතර, ඇයගේ සැමියා ධීවර රැකියාවට ගොස් නිවසට ඊයේ (10) අලුයම පැමිණි අවස්ථාවේ තම බිරිඳ වැසිකිළිය අසළ වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව ගෙළ සිරකර ඝාතනය ඇති බවයි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් සොයා මරදන්කේණි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
1
+1
4
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?