තැපැල් ඡන්දයේ දෙවැනි දිනය අදයි – ඊයේ දිනයේ දී සාමකාමී තත්ත්වයක්

2024 ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි දිනය අද (05) යි.

ඊයේ (04) උදෑසන සිට ම මැතිවරණ රාජකාරි සඳහා යොදා තිබෙන වාහන ලියාපදිංචිය සිදු කෙරුණු අතර ඉන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම් සිදු කෙරුණා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, රාජ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ට ඊයේ දිනයේ දී සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඡන්ද විමසීම් කටයුතු පෙරවරු 09 සිට ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබුණේ.

අද දිනයේ දී සහ හෙට (06) දිනයේ දී ඉහත සඳහන් කළ රාජ්‍ය ආයතන හැරුණුකොට ඇති සෙසු රාජ්‍ය ආයතන, පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතන නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඊයේ පස්වරු 04න් පසුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු එදිනට නියමිත අවසන් වුණු අතර ඊයේ දිනයේ දී සියලුම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

මෙම දින තුන තුළ දී අත්‍යවශ්‍ය හේතුවක් මත හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වූවන් හට සැප්තැම්බර් 11 හා 12 යන දෙදින ද අතිරේක දිනයන් ලබා දී තිබෙනවා.

මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව සිදු වන බවයි වාර්තා වන්නේ.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 736,589 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබුණු අතර ඒ අතරින් ඉල්ලුම්පත් 24,270ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

712,319 දෙනෙකු‍ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාගත් පිරිස වන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12