තැපැල් ඡන්දයේ දෙවැනි දිනය අදයි – ඊයේ දිනයේ දී සාමකාමී තත්ත්වයක්

2024 ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි දිනය අද (05) යි.

ඊයේ (04) උදෑසන සිට ම මැතිවරණ රාජකාරි සඳහා යොදා තිබෙන වාහන ලියාපදිංචිය සිදු කෙරුණු අතර ඉන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම් සිදු කෙරුණා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, රාජ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ට ඊයේ දිනයේ දී සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමි වූ අතර ඡන්ද විමසීම් කටයුතු පෙරවරු 09 සිට ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබුණේ.

අද දිනයේ දී සහ හෙට (06) දිනයේ දී ඉහත සඳහන් කළ රාජ්‍ය ආයතන හැරුණුකොට ඇති සෙසු රාජ්‍ය ආයතන, පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතන නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඊයේ පස්වරු 04න් පසුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු එදිනට නියමිත අවසන් වුණු අතර ඊයේ දිනයේ දී සියලුම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානවල සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

මෙම දින තුන තුළ දී අත්‍යවශ්‍ය හේතුවක් මත හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වූවන් හට සැප්තැම්බර් 11 හා 12 යන දෙදින ද අතිරේක දිනයන් ලබා දී තිබෙනවා.

මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව සිදු වන බවයි වාර්තා වන්නේ.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 736,589 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබුණු අතර ඒ අතරින් ඉල්ලුම්පත් 24,270ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

712,319 දෙනෙකු‍ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාගත් පිරිස වන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14