spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැටිය රත්වුණු පසු ආප්පය පුච්චා ගන්න සැරසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා.
තවත් සතියකින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව අද මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි පැවසුවේ.

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ ඇමතිවරුන් නිදහස් පක්ෂයටත් නිදහස් පක්ෂයේ අය ආණ්ඩුවටත් චෝදනා කරමින් පසුවුණා.

නමුත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කළේ නැහැ.

ඉන් පසුව දිගින් දිගටම ආණ්ඩුවට ජනතා විරෝධයක්ද එල්ලවීමට පටන් ගත්තා.

එය වඩාත් උණුසුම් වුණේ ඊයේ ජනාධිපතිවරයාගේ නිල නිවස අසල ඇතිවුණු සිදුවීමත් සමගයි.
ඒත් සමගම අද නිදහස් පක්ෂය එක්වරම ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා.

බොහෝ පිරිස් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන්නේ මෙතෙක් කළත් ආණ්ඩුවෙන් ඉවත් වීමට කොන්දක් නැති නිදහස් පක්ෂය දැන් ජනතා විරෝධය දැක ඉවත් වීමට සැරසෙන බවයි.

තම තනතුරු අත්හැරීමට බියෙන් ඒවායේ එල්ලී සිටින මොවුන් දැන් සිදුකිරීමට යන නාටක හරහා මිනිසුන් රැවටිය නොහැකි බවයි බොහෝ දෙනාගේ මතයවී තිබෙන්නේ.

බුද්ධිමත් ඔබ දේශපාලනයේ මේ සැඟවුණු අමුත්තන්ගේ ක්‍රියාවලට ඉදිරියටත් රැවටෙනු නැති බව දැන් විශ්වාසයි..
පක්ෂ මාරුකරමින්, තනතුරුවලින් තම මඩිහ තරකරගන්නා දේශපාලඥයන්ට පාර්ලිමේන්තු දොර වසා තැබිය යුතු බව ජනතා මතය වී හමාරය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?