තායිලන්ත සහ කාම්බෝජ සාම ගිවිසුමට අත්සන් තැබේ

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අද (26) දිනයේ අත්සන් තබා තිබෙනවා.

තායි අගමැති අනුටින් චාන්විරකුල් සහ කාම්බෝජ අගමැති හුන් මැනට්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අධීක්ෂණය යටතේ මෙම ඒකාබද්ධ සාම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදී අදාළ ගිවිසුමට අත්සන් තැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.