තායිලන්ත – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක්

තායිලන්ත – ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම සඳහා නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2018දීත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණා.

ඉන් අනතුරුව තායිලන්ත පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධනද ඇතුළත් කරමින් සකස් කර ඇති අතර ගුවන් සේවා ගිවිසුමට නීතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී තිබෙනවා