ත්‍රීරෝද රථ 06ක් හා මොටෝරියක් අළු කළ ගින්න – වින්දිතයින්ට වන්දි දෙන්න සලකා බලනවා (වීඩියෝ)

දෙමටගොඩ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීරෝද රථ 06ක් සහ මෝටර් රථයක් සැක කටයුතු ලෙස හදිසියේ ම ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.

අද (06) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවයි දෙමටගොඩ පොලිසිය පැවසුවේ.

මෙලෙස හදිසියේ ම ගින්නක් ඇති වීමට පදනම් වූයේ කුමන හේතුවක් දැයි මෙතෙක් හෙළි වී නැහැ.

එබැවින් සිද්ධිය පිළිබඳ ව පුළුල් විමර්ශන දෙමටගොඩ පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ අතර මෙම සිදුවීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසක් අද දහවල් පැමිණියා.

එහිදී ගිනිගත් ත්‍රීරෝද රථවල හිමිකරුවන් සමග සාකච්ඡා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථ ධාවනය සිය ජීවනෝපාය කරගත් පිරිසකගේ වාහන මෙලෙස ගිනිගෙන ඇති බවයි.

එබැවින් ආණ්ඩුව සාකච්ඡා කර අදාළ පාර්ශ්වයන්ට වන්දි පිරිනැමිය හැකි දැයි සලකා බලන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18