මොරටුව – කටුකුරුන්ද ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සොරකම් කර පළා යමින් සිටි 15 හැවිරිදි පිරිමි ළමයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ළමයා මීට පෙරද ත්‍රීරෝද රථ ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ අයෙකු වන අතර, ඔහු පොලිස් සංඥා නොතකා මොරටුව සිට පානදුර දෙසට ත්‍රීරෝද රථයකින් යමින් සිටියදීයි පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,200 ක් තිබී සොයාගෙන තිබෙනවා.
සැකකාර පිරිමි ළමයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ ඔහු තවත් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
3
+1
2
+1
+1
1





