ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනයට කැබිනට් අවසරය

ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වන තුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීමක් සිදු කරන බවයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගැනෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි. දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම අවසරය ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12