ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනයට කැබිනට් අවසරය

ත්‍රිපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා එම ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

අද (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වන තුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීමක් සිදු කරන බවයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගැනෙනවා.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසික අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි. දේශීය වශයෙන් අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු සපයා ගැනීමට පවතින අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම අවසරය ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46