ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව අර්ථ නිරූපණය ගැන එක්සත් ජාතීන්ගෙන් මෙරටට උපදෙසක්

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් එම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ පසුගිය 20 වැනිදා පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, Zoom තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බවයි.

මෙම සාකච්ඡාවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාර දක්වා සිටි අතර එහිදී ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණ පිළිබඳ විමසා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධව අර්ථ නිරූපණය කිරීමේ දී එය මෙරටට මෙන්ම ජාත්‍යන්තරයට ද සුදුසු ආකාරයේ අර්ථ නිරූපණයක් විය යුතු බව මෙහිදී සාකච්ඡා වු අතර ශ්‍රී ලංකාව තුළ ටැන්සානියාවේ පවතින ත්‍රස්ත විරෝධි පනතේ අඩංගු අර්ථ නිරූපණය සුදුසු දැයි අධ්‍යයනය කළ යුතු බව යෝජනා කෙරුණා.

ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නිර්දේශ ද ඇතුළත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් වුණා.

එමෙන්ම ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුවන් පුනරුත්ථාපනය කිරීම ඔවුන් යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳ නව ත්‍රස්ත විරෝධි පනතට ඇතුළත් කරන්නේ ද යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සාකච්ඡාවේ දී විමසු අතර මෙරට ව්‍යවස්ථාවේ එවැනි කරුණු සඳහන් වුව ද නව ත්‍රස්ත විරෝධි පනතට ද ඇතුළත් කිරීම පිළිබදව කරුණු සාකච්ඡා වූ බවත් වාර්තා වනවා.

ත්‍රස්තවාදය සම්බන්ධ තොරතුරු ලබා නොදීම වරදක් ලෙස මෙම පනතට ඇතුළත් කිරීමේ නීතිමය තත්ත්වය ගැන ද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු වුණා.

ඉදිරියේදී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස මහජනතාවට ඉදිරිපත් කරන බවත්, එය මෙම පනත සම්බන්ධයෙන් උනන්දු වන පුද්ගලයින්ට අවධානය යොමු කළ හැකි බවත්, මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් මෙහිදී සඳහන් කළේ ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමට අදාළ සිය සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ උපුල් ‍කුමාරප්පෙරුම, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරිස්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට ජ්‍යෙෂ්ඨ මානව සම්පත් උපදේශක ලයිලා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ත්‍රස්ත විරෝධි කමිටුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39