තහනම් ත්‍රස්ත සංවිධාන නායකයෙකුගේ වීඩියෝ පටයක් මුදාහළ පුද්ගලයා ඇප මත නිදහස්

මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝ පටයක් සිය මුහුණු පොත හරහා ප්‍රචාරය කරමින් ජාතීන් අතර අර්බුදයක් විරසකයක් අසමගියක් ඇති කිරීමට කටයුතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හර්ෂණ කැලුම් ජයසුමන ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

සැකකාර පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන් මගින් අද (02) අධිකරණය වෙත නැවත ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ මෙරට තහනම් සංවිධානයක හිටපු නායකයකු වන වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැත්තාගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝ පටයක් සැකකාර පුද්ගලයාගේ මුහුණු පොත හරහා සමාජ ගත කර ඇති බවත් ඒ තුළින් ජාතීන් අතර අර්බුදයක් අසමඟියක් හා විරසකයක් ඇති කිරීමට සැකකාර පුද්ගලයා කටයුතු කර ඇති බවයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම වීඩියෝ පට හා ඡායාරූප හා අදාළ ප්‍රකාශ සැකකාර පුද්ගලයා විසින් නිර්මාණය කළ ඒවා නොවන බවත් වෙනත් පුද්ගලයෙකු විසින් මුහුණු පොත හරහා ප්‍රචාරය කර තිබූ පෝස්ටුවක් ඔහු එසේ ප්‍රචාරය කර ඇති බවයි.

දෙපාර්ශ්වයේ දැක්වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින ලෙස නියෝග කළ අතර මෙම ඡායාරූප හා වීඩියෝ පට වෙනත් පුද්ගලයෙකු විසින් ප්‍රචාරය කර තිබේ නම් ඔහු කවුද යන්න පිළිබඳ ව හඳුනා ගැනීම සඳහා විමර්ශනය කරන ලෙසත් එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා විට ඊට තිබෙන ප්‍රතිපාදන කුමක්ද යන්න පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේත්‍රාත්වරයා එම පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?